Wednesday 15th of July 2026

English Tamil
Advertiesment


එදා ජවිපෙට සම්පතක් වූ ගොවියා අද හිසරදයක් වෙලා


2026-07-14 1259

 

- විපක්ෂ නායක -

 

දිගින් දිගටම වත්මන් රජය අප රටේ ගොවි ජනතාවට අපහාස කරමින් ඔවුන්ව පීඩාවට පත් කරමින් සිටින බවත් දශ ලක්ෂ ගණනින් රජයට ඡන්දය දුන් ගොවි ජනතාව කසිප්පුකාරයන් හා කෘත්‍රීම ගොවියන් බවට පත්ව ඇති බවත් එදා ජනතා විමුක්ති පෙරමුණට සම්පතක් වූ ගොවියා අද හිසරදයක් වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වන විට රජයේ ප්‍රතිපත්තිය ගොවියාට හිසරදයක් වී ඇති බවත් කෘෂිකර්ම ඇමතිවරයාට අනුව වී කිලෝවක් නිෂ්පාදනයට රු. 137ක් වැය වුවත් රජය දෙන්නේ රු. 120ක ස්ථාවර මිලක් බවත් මෙවැනි ගැටලු මැද බිත්තර වී නොලැබීම, ගුණාත්මක පොහොර සහ බිත්තර වී නොලැබීම, කෘෂි රසායනවල තත්ත්වය ද මෙය බවත් කෘෂි උපකරණ මිල පවා ඉහළ ගොස් වන අලි මිනිස් ගැටුමින්ද පීඩාවට පත් ගොවියාගේ අස්වැන්නට ස්ථාවර මිලක් නොමැති බවත් අස්වනු ගබඩා කිරීමේ මධ්‍යස්ථානවල පසුගිය කන්නයේ ගත් වී තවමත් ඇති බවත් මෙවැනි ගැටලු මැද ගොවියාට සාධාරණයක් සිදු වන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එදා මැතිවරණ සමයේ ගොයම් කකා රු. 150ක සහතික මිලක් දෙනවා කිව්වත් දැන් වී මිල වැඩි වුවහොත් පාරිභෝගිකයන්ට අසාධාරණයක් විය හැකි බව පවසන බවත් අද ජයග්‍රහණය කරන්නේ පාරිභෝගිකයා හෝ ගොවියා නොව අතරමැදියා බවත් දැන්වත් ගොවියාගේ වියදමට ගැලපෙන සාධාරණ මිලක් ලබා දී ලාභයක් අත්කර දෙනවා සේම කුඩා හා මධ්‍ය පරිමණ මෝල් හිමියන්ට සහන දී වී මිල දී ගැනීම වඩාත් ක්‍රමවත් කිරීම රජයේ යුතුකම බවත් ජනවරමට පයින් නොගහ ගොවි ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment